පහන් සිල මිලින වී පැලත් අදුරේ
මකන්නට සායමත් දැලි කුණුය පෙරමුණේ
මල්වරය පියුම් පොද රකිනු මැන දෙවිඳුනේ
මෑණි හිස අවුලුවා නොයන් පුත සැකෙවිනේ
මිටි පහර සැර විඳි කාලෙක ඒ මහ ගිර සුණු වුණේ
එලෙසින් ළදළු මුව පියෙන් පිය ගෙන දැඬි වුණේ
සලෙලුන් ගිල ගත් හද උතු මන් පෑ ඒ මහ මනු ගුණේ
එලෙසින් ළදළු මුව පියෙන් පිය ගෙන දැඬි වුණේ
හැඩුම් බිඳිති නෙත් මුලය බිඳෙන මහ හද මැඳුරිනේ
හී විඳුම් වේදනා රිදුම් දෙන පපු කොණේ
සිදාදිය වගුරකැයි නොදත් මගෙ පුතණුනේ
මෑණි හිස අවුලුවා නොයන් පුත සැකෙවිනේ
මිටි පහරක සැර විඳි කාලෙක ඒ මහ ගිර සුණු වුණේ
එලෙසින් ළදළු මුව පියෙන් පිය ගෙන දැඬි වුණේ
සලෙලුන් ගිල ගත් හද උතු මන් පෑ ඒ මහ මනු ගුණේ
එලෙසින් ළදළු මුව පියෙන් පිය දැඬි වුණේ
පහන් සිල මිලින වී පැලත්පතත් අදුරේ
මකන්නට සායමත් දැලි කුණුය පෙරමුණේ
මල්වරය පියුම් පොද රකිනු මැන දෙවිඳුනේ
මෑණි හිස අවුලුවා නොයන් පුත සැකෙවිනේ
පහන් සිල මිලින වී පැලත් අදුරේ
මකන්නට සායමත් දැලි කුණුය පෙරමුණේ
මල්වරය පියුම් පොද රකිනු මැන දෙවිඳුනේ
මෑණි හිස අවුලුවා නොයන් පුත සැකෙවිනේ