logo
Lyric cover art as blurred background
Lyric cover art

Mal Ware

Apple Music logo
Apple Music logo

Deezer logo
Deezer logo

Spotify logo
Spotify logo
Share icon
Lyrics
ශෘංගාරිය ආලෙන් මා
මනලෝල නයන ආලිංගන පා
හද මාගේ දවා ආවේ පාවෙලා
පින්සාරියෙ බැල්මෙන් මා
රතු රෝස සිඹින සයනේ සතපා
මධු පානේ මිහිරේ මවා ගෙනා
හසකැන් මාරුතෙන් පාරනා සීල සංගායනා
රස තැන් රාගයෙන් මත් කළා රූ සරා

මල්වාරේ මල්කෙමි පෑදී වෑහෙනා
සිහිලාරේ පෙම් ඵල පීදී මෝරනා
පෙම් වාහේ මාගේ බාරී රංගනා
යං ආයේ සඳ දිය ගැඹුරින් වන්දනා

සංසාරේ පෑහි ආවෝ - දෑඟිල්ලේ රන් ගෙනාවෝ
දිසි මානේ රූ සොබා පුරුදු ආලෙන් ළංවෙනා
වස්සානේ හීන ගෑවෝ - සිත්තම් වුණු අංගනාවෝ
ළමැදේවී ආත්මයෙන් හාදු කැන්ඳලා
හසකැන් මාරුතෙන් පාරනා සීල සංගායනා
රස තැන් රාගයෙන් මත් කළා රූ සරා

සඳ දෑලේ නෑවි ආවෝ - විඳ නිල්ලේ මල් ලතාවෝ
බැඳි පාසේ ඈ වටා සුමුදු තාලෙන් මං වෙළා
සැණකෙලියේ ගීය ලීවෝ - ගෙත්තම් කළ රූපිකාවෝ
යළි මාගේ ස්නේහයෙන් හාද බන්ඳලා
හසකැන් මාරුතෙන් පාරනා සීල සංගායනා
රස තැන් රාගයෙන් මත් කළා රූ සරා

WRITERS

Nimeshi Hansila

PUBLISHERS

Lyrics © AirXone Musik

Share icon and text

Share


See A Problem With Something?

Lyrics

Other